- පෙ.ව 7.30ට ප්‍රථම පාසලට පැමිණිය යුතුය.
- පෙ.ව 7.30 සිට 1.30 දක්වා පාසලේ රැඳ සිටිය යුතුය.
- විදුහල්පති තුමාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිදු අවස්ථාවක පාසලින් බැහැර නොයා යුතුය.
- නිර්දේශීත පාසල් නිළ ඇදුම සැරසි සිටිය යුතුය.
- කොණ්ඩය සහා රැවුල කපා මනාව සකස් කොට තිබිය යුතුය
- ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන උපකරණ කිසි විටෙක පාසලට රැගෙන ඒමෙන් වැලකිය යුතුය.
- විද්‍යාලයේ විදුලි සහා ජලනල උපාංග වැසැකිළි මනාව ආරක්ෂා කළ යුතුය.
- පොලිතීන් සහා වෙනත් නොදිරන ද්‍රවය පාසල් පරිශ්‍රය තුල විසි කිරිමෙන් වැලකිය යුතුය.
- පාසල් පරිසරය පවිත්‍රව තැබීමට සහා පාසල් පිරියත අලංකරණයට දායක විය යුතුය.
- පන්ති කාමරයේ ඩෙස්ක් පුටු සුරකීම නිරන්තරයෙන් කල යුතුය.
- පන්ති කාමරය පිරිසිදු ප්‍රිය මනාප යහපත් ස්ථානයක් ලෙස පවත්වා ගෙන යා යුතුය.
- කාලච්ඡේද අතරතුර පන්ති කාමර වලින් අනවසරයෙන් බැහැර යාම නොකළ යුතුය.
- පන්ති කාමරයෙන් සහා පාසල අවසානයේ බැහැර යාමේදි පේළියට යා යුතුය.
- සියළුම ගුරු භවතුන් වෙත ආචාරශිලිත්වයෙන් සහා ගරුත්වයෙන් සැලකිය යුතුය.
- සහෝදර සිසුන් සමඟ ආචාරශිලීව කටයුතු කළ යුතුය.
- පාසල තුළ නිල ලාංඡන පැලදිය යුතුය.
- ශිෂ්‍ය නායකයන් ශිෂ්‍ය නායක ලාංඡනය පැළදිය යුතුය.
- කිසියම් හේතුවක් නිසා පාසල් නොපැමිණ පසුවද පැමිණෙන විට මව / පියා භාරකරුගෙන් ලිපියක් රැගෙන ආ යුතුය.
- අභීමානවත් ධර්මාලංකාර දියණියක සහ පුතකු ලෙස පාසල් මාතාවගේ ගරුත්වය රැකෙන පරිදි අනිවාර්යෙන්ම පාසල තුල සහා පාසලෙන් පිටතදි හැසිරිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි